මෙතනට එන හැම කාන්තාවකටම මේක කරලා

visibility 19 görüntülenme schedule 7 yıl önce timer 3:05
open_in_new Dailymotion
ආගමන විගමන කාර්‍යාලය තුල ඇති ජංගම දුරකතන සේවා සපයන ප්‍රදර්ශනාගාර කුටියක සේවය කරන අයෙකු විසින් එම ස්ථානයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා සූක්ෂම ලෙස වීඩියෝ කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.<br /><br />මෙම ප්‍රදර්ශනාගාර සේවකයා විසින් තම පාදයේ දුරකතනයක් රදවා එහි වීඩියෝ කැමරා ක්‍රියාත්මක කර තම සේවය ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා රහසිගත ලෙස පටිගත කරන ආකාරය අදාල වීඩියෝ පටයේ දැක්වෙන අතර රජයේ ආයතනය් තුල සිදුවන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මෙවැනි ක්‍රියාවන් සිදු නොවීමට වග බලා ගැනීම බළධාරීන්ගේ වගකීමක් වනවා.