යහපාලනයක අරුමය මහ මග වෙඩිතබා මරා දමන හැටි...

visibility 114 visualizzazioni schedule 9 anni fa timer 2:21
open_in_new Dailymotion
මට්ටක්කුලිය ජුබිලි මාවතේ දී අද පෙරවරු 11.30ට පමණ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් ඇත.

වෙඩි වැදීමේන් මිය ගොස් ඇත්තේ සමිත්පුර, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන 24 හැවැරිදි සුබයප්පු කංකානම්ලාගේ ගයාන් ජීවන්ත නොහොත් ඉසුරු නැමැත්තෙකි.

මෙම ත්‍රී රෝද රථයේ මරණකරුගේ බිරිඳ හා දරුවාද ගමන් කර ඇති අතර ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලීසිය සහ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශනය සිදු කරයි.